යුවළ 300ක් එක ම අවස්ථාවක ගාසා තීරයේදී විවාහ වූ අයුරු

යුවළ 300ක් එක ම අවස්ථාවක ගාසා තීරයේදී විවාහ වූ අයුරු

ගාසා තීරයේ මෙතෙක් පැවැත්වුණු විශාලතම සමූහ විවාහ උත්සවය සඳහා යුවළ 300ක් ඩෙයර් අල්-බලාහ් (Deir al-Balah) වෙත එක් වූහ. මෙම උත්සවය සඳහා යුවළ තෝරාගනු ලැබුවේ, පුද්ගලයින් 2,000කට ආසන්න සංඛ්‍යාවක් අතරින් පවත්වන ලද දිනුම් ඇදීමකිනි. පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ගාසා තීරයේ සටන් විරාමයක් පැවතුණ ද, එය ඉතා අවිනිශ්චිත මට්ටමක පවතී.