ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දූෂකයන්ට සිරදඬුවම් නොලැබීම ගැන දැරියක් කී කතාව
තමන් වාසය කරන එක්සත් රාජධානියේ හැම්ප්ෂයර්හිදී, තමාට ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් මුණගැසේවි යැයි "බියක් නොමැතිව" නිවසින් බැහැරට යාමට අවශ්‍ය බව දූෂණයට ලක්වූ බාලවයස්කාර දැරියක BBC පුවත් සේවයේ වික්ටෝරියා ඩර්බිෂයර් වෙත පැවසුවා ය.
එවකට 15 සහ 14 යන වයස්වල පසුවූ දැරියන් දෙදෙනෙක්, 2024 නොවැම්බර් සහ 2025 ජනවාරි මාසවලදී වාර්තා වූ සිදුවීම් දෙකකදී 14 හැවිරිදි පිරිමි ළමයින් දෙදෙනෙකු අතින් දූෂණයට ලක් වූහ. දෙවන සිදුවීමට සම්බන්ධ වීම ගැන එවකට 13 හැවිරිදි තවත් පිරිමි ළමයෙක් ද වැරදිකරු විය. කෙසේ වෙතත්, ඔවුන් කිසිවෙකුටවත් සිරදඬුවම් නියම නොවීය. ඇගේ පවුලේ සාමාජිකයෝ මෙම බාලවයස්කාර පිරිමි ළමයින් තිදෙනාට සිරදඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිති. බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කියර් ස්ටාමර් ප්‍රකාශ කර ඇත්තේ, මෙම පිරිමි ළමයින්ට දඬුවම් නියම කිරීම අභියාචනාධිකරණය වෙත යොමු කරන බව ය.