ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අයින්ස්ටයින්ටත් වඩා වැඩි බුද්ධි මට්ටමක් ඇති 10 හැවිරිදි දරුවා
'ඩේවිඩ් ඩා වින්චි' ලෙස ද හඳුන්වන ඩේවිඩ් කැමචෝට තවමත් වයස අවුරුදු 10කි. ඔහු තමා පාසලේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක් වන 'හිරිහැර කිරීම්' (Bullying) වලට ලක්වන දරුවන්ට උපකාර කිරීම සඳහා නව ඇප් (App) එකක් නිර්මාණය කරමින් සිටියි.
ඔහුට වයස අවුරුදු පහේදී, ඔහුගේ පවුලේ අයට ඔහු සතු සුවිශේෂී දක්ෂතා පිළිබඳ ලකුණු පෙනෙන්නට පටන් ගත්තේය. පසුව බුද්ධි මට්ටම් පරීක්ෂණයකදී (IQ test) ඔහු ලකුණු 162ක් ලබා ගත්තේය. ඇල්බට් අයින්ස්ටයින් ජීවත්ව සිටි කාලයේ මෙවැනි IQ පරීක්ෂණ නොතිබුණද, විශේෂඥයන් පවසන්නේ ඔහුගේ බුද්ධි මට්ටම 160ක් පමණ වන්නට ඇති බවයි. එසේ වුවද, ඩේවිඩ් තමා "ළමා බුද්ධිමතෙකු" ලෙස හඳුන්වනවාට අකමැති අතර, තමා ලෝකයේ වෙනසක් කිරීමට වෙහෙසෙන කුතුහලයෙන් පිරුණු දරුවෙකු ලෙස හැඳින්වීමට කැමැත්තක් දක්වයි.