FIFA World Cup 2026: සියලු විස්තර එක තැනකින් බලන්න තරග සටහන ඩවුන්ලෝඩ් කර ගන්න

FIFA World Cup 2026: සියලු විස්තර එක තැනකින් බලන්න තරග සටහන ඩවුන්ලෝඩ් කර ගන්න
Published
කියවීමේ කාලය: මිනිත්තු 2

2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ කිසිදු අවස්ථාවක් මග නොහැර තරග පැවැත්වෙන වේලාව හරියට ම දැන ගන්න අවශ්‍ය ද?

ඔබට දැන් නොමිලේ 2026 ලෝක කුසලාන තරග සටහන ඩවුන්ලෝඩ් කර ආරම්භක තරගයේ සිට අවසන් තරගය දක්වා තරගාවලිය සමග එක්විය හැකියි.

ඕනෑ ම ක්‍රීඩාංගණයක පැවැත්වෙන ඕනෑ ම තරගයක් මග නොහරින්න

තරග සටහන මුද්‍රණය කර ගන්න. තරග ප්‍රතිඵල අනුව එය පුරවා තරගාවලිය පුරා ම ඔබේ අනාවැකි මිතුරන් සහ පවුලේ අය සමග සසඳන්න.

ඔබ සෑම තරගයක් ම මග නොහැර නැරඹුවත්, ඔබේ ප්‍රියතම කණ්ඩායමේ තරග පමණක් නැරඹුවත් මෙම තරග සටහන ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.

තරගාවලිය 2026 ජූනි 11 වන දින ආරම්භ වන අතර ජූලි 19 වන දින අවසන් වේ. සත්කාරක රටවල් තුනක එනම් එක්සත් ජනපදය, මෙක්සිකෝව සහ කැනඩාවේ ස්ථාන 16කදී තරග පැවැත්වේ.